Skip to content

Madhuranga Fernando

Madhuranga Fernando

  • Home
  • Publications
  • Books
    • Relativity
    • Earphones
    • Quantum Mechanics
    • Science & Technology
    • Nanotechnology
    • Sound Systems
    • Wireless Earphones
    • Physics & Music
    • Electronics
    • Jews & Israel
    • Physics & Sports
  • Newspaper Articles
  • Projects
  • My YouTube
  • Events
  • Toggle search form
  • තෘප්ත (කාව්‍ය) – ගයාමන් දිසානායක About Books
  • අමතක නොවන අත්දැකීම් [ 难忘的经历 ] !!! Jokes
  • Lust, Caution (Se jie) – (2007) Foreign Language Films
  • ඔබගේ චරිතය නිර්මාණය කරනුයේ කවරෙක් ද ? Concepts
  • Westworld™ TV Shows
  • ප්‍රථම ප්‍රේමිය සහ ප්‍රථම ප්‍රේමය ! සිතට දැනෙන ගීත
  • The Glass Castle (2017) Films
  • The Great Wall (2016) Films

Hannibal Lecter

Posted on December 30, 2025December 30, 2025 By Madhuranga Fernando No Comments on Hannibal Lecter

මා කුඩා කාලයේ සිට ම නිර්මාණයක් රසවිදීම වෙනුවට, එය රසවිඳ, ඉන්පසු එහි පසුබිම හා එම කතාව/නිර්මාණය වටා සැඟවුණු කතා හා ප්‍රවාද පවා අධ්‍යයනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයෙකි. මේ (පසුගිය) මාසයේ මාගේ කාර්‍යය වුයේ “Thomas Harris” විසින් රචිත නවකතාවල පාදක චරිතය වන “Hannibal Lecter” ගේ චරිතය ගැන වැඩි වැඩියෙන් හැදෑරීම ය. මෙම “හැනිබල් ලෙක්ටර්” යනු සුප්‍රසිද්ධ හා අතිශය භයානක ඒ වගේම උගත් දාම මිණීමරුවකු වේ. එම කතාවලට අමතරව “හැනිබල් ලෙක්ටර්” හා සම්බන්ධ අනෙකුත් මිණීමරුවන්ගේ කතා ද මෙහි අන්තර්ගත ය. මෙම සියලු අපරාධකරුවන්ව FBI එක හා ඇමරිකානු පොලිස් දෙපාර්තමේන්තු විසින් දඩයම් කරන ආකාරය හා ඒ සමහර ක්‍රියාන්විත අසාර්ථක වන ආකාරය මෙම කතා මාලාවන්වල මූලික තේමාවයි.

මා සුප්‍රසිද්ධ ලේඛක “Thomas Harris” විසින් රචිත “Hannibal Lecter” ගේ චරිතය පාදක වුණු නවකතා වන “Red Dragon (1981)”, “The Silence of the Lambs (1988)” සහ “Hannibal (1999)” යන නවකතා කියවා ඇත්තෙමි. නමුත් තවමත් “The Hannibal Lecter Omnibus (2000)” සහ “Hannibal Rising (2006)” යන නවකතා කියවා නැත්තෙමි. ඒ වගේම මේ වයස වනවිට නවකතා කියවීම අතිශය නීරස ක්‍රියාවක් බව ද පැවසිය යුතු ය.

පසුගිය මාසයේ “Thomas Harris” විසින් රචිත “Hannibal Lecter” ගේ චරිතය පාදක වී නිර්මාණය කරන ලද සියලු (මම සිතමි) චිත්‍රපට හා ටී වී මාලාවන් ගොනුව නරඹන ලදිමි. එය මනසට තරමක් වෙහෙසකර කටයුත්තක් බව ද සඳහන් කළ යුතු ය. එබැවින් එම වෙහෙස සංසිදවා ගත්තේ BBC නිර්මාණයන් වන David Attenborough ගේ “Planet Earth (2006)”, “Planet Earth II (2016)” හා “Planet Earth III (2023)” ත්‍රිත්වය නරඹමිනි. මිනිසෙකුට ජීවත්වන්න නම් හා තමා ජීවත්වනවා කියා දැනෙන්න නම් තමන් ආශාකරන ක්ෂේත්‍රවල ගවේෂණ හා/හෝ පර්යේෂණ කළයුතු යයි මම සිතමි. ඒ පර්යේෂණ පත්‍රිකා ජනගත කිරීමට පමණක් නොවේ; තමන්ගේ සතුට සහ උද්යෝගය උදෙසා ය.

කෙසේ වෙතත් මම විසින් පසුගිය මාසයේ නැවත වතාවක් පහත සඳහන් Hannibal චිත්‍රපට ගොනුව නැරඹුවෙමි. ඒවා,
Manhunter (1986),
The Silence of the Lambs (1991),
Hannibal (2001),
Red Dragon (2002) සහ
Hannibal Rising (2007) වේ.
සැබවින්ම ඒවා නම් සුපිරි නිර්මාණයන් බව කිව යුතු ම ය. මේවායේ රංගනයන් සඳහා ලෝක පුජීත රංගධරයෙකු වන Anthony Hopkins සහ ඔහු හා තකට තක හෙවත් කරට කර රංගනයෙන් දායක වන Jodie Foster, Julianne Moore, Edward Norton, Ralph Fiennes යන නළු නිළි කැළ ගැන සඳහන් නොකළ හැකි ද ?

එපමණක් නොව Hannibal ටී වී මාලාවන් ගොනුව ද මම විසින් නැරඹුවෙමි. ඒවා,
Hannibal Season 1 : කතාංග 13 (2013),
Hannibal Season 2 : කතාංග 13 (2014),
Hannibal Season 3 : කතාංග 13 (2015) සහ
Clarice Season 1 : කතාංග 13 (2021) වේ.
සැබවින්ම ඒවා ද සුපිරි ම සුපිරි නිර්මාණ බව කිව යුතු ම ය. Hannibal ටී වී නිර්මාණ සඳහා Mads Mikkelsen සහ Hugh Dancy ගේ රංගන දක්ෂතා මෙන්ම, Clarice ටී වී නිර්මාණය සඳහා Rebecca Breeds ගේ රංගන දක්ෂතා කෙසේ වචනවලට පෙරලමි ද ?

මෙවැනි සුන්දර නිර්මාණයන් රසනොවිඳින දෑස් මිනිසුන්ට පිහිටනුයේ මුහුණේ පාලුවට පමණක් ම නොවේ දැ යි මට නම් සාධාරණ ලෙස ම සැක සිතේ.

මහාචාර්ය ප්‍රසන්න මධුරංග ප්‍රනාන්දු
භෞතික විද්‍යා අධ්‍යයනාංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

***************************************************

Uncategorized

Post navigation

Previous Post: කතෘ අඥාත ගණිත කාව්‍ය

Related Posts

  • වෙරළු මල් පිපිලා… Uncategorized
  • ඔබගේ අතින් ලියැවුණු ගී රැසකි ප්‍රණීත් – ලියු ගී නොවේ ගීතය මට ඔබයි ප්‍රණීත් (අපට ආදරය, විරහාව, තහනම් ආදරය, මෛත්‍රීය, … ගැන තවත් කෝණයකින් කියාදුන් සහෘදයා ගැන කෙටි සටහනකි !) Uncategorized
  • ගුරුළු වෙස් දරා : ගීත විචාරය Uncategorized
  • මේ දිනවල ඇති දැඩි රස්නය නිසා ඇතිවන අපහසුතාවයෙන් මදක් හෝ මිදීමට නම්…. My write-ups
  • Rhythm of the Guitar: Clarence (2025) Uncategorized
  • ක්‍රීඩා හා භෞතික විද්‍යාව Uncategorized

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • Hannibal Lecter
  • කතෘ අඥාත ගණිත කාව්‍ය
  • Rhythm of the Guitar: Clarence (2025)
  • Vanaprastham (1999)
  • නාලිනී එන්න මල් පිපීදැයි බලන්න ?

Recent Comments

  1. Madhuranga Fernando on Brothers In Blood – The Lions Of Sabi Sand (2015)
  2. Buddhika laKMal on Brothers In Blood – The Lions Of Sabi Sand (2015)
  3. Deshani kaushalya on Black Bird – TV Mini Series (2022)
  4. නලින්ද්‍ර වීරපිටිය on මල්ලීගේ මරණය (කෙටිකතා) – ගාමිණී ප්‍රනාන්දු
  5. Piyadigamage Indika on මුතුකුඩ
  • MagSafe සහ Qi තාක්ෂණය Science & Technology
  • Mr. Robot TV Shows
  • Wireless Charging – Qi Science & Technology
  • Boy Missing [Secuestro] – (2016) Foreign Language Films
  • The Infiltrator (2016) Films
  • Short About Books
  • The Holdovers (2023) Films
  • තියුණු අසිපතක සෙවණ යට – තමිළිනී ජෙයක්කුමාරන් About Books

Copyright © 2026 Madhuranga Fernando.

Powered by PressBook News Dark theme